පානදුරේ වෙඩි තැබීමකින් කෙනෙක් මරුට

පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් කෙනෙක් මිය ගොස් ඇත.

ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබු ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්විය.

වෙඩිතැබීම සිදුවු ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදවා ඇති අතර පානදුර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.