හම්බන්තොට වරාය නැවත පවරා ගැනීමට රජය සුදානම්

යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය වික්කා. අපි ඒක නැවත පවරා ගන්න කටයුතු කරගෙන යනවා වගේම ඒකට ලොකු වන්දියක් ගෙවන්න වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැනත් ආණ්ඩුවේ අවධානය යොමු කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

වරාය නැගෙනහිර ජැටිය විකිණීමට තමන් ද විරුද්ධ බවත් වත්මන් රජය යටතේ ජාතික සම්පත් විකිණීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් ඔහු පැවසිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 04 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබු මිනුවන්ගොඩ ආසන සමුළුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

රණතුංග මහතා අවධාරණය කළේ රටට ආයෝජන ගෙනඒම ජාතික සම්පත් විකිණීමක් නොවන බවයි. පසුගිය ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලැබුණු ජනවරමට පිටුපෑමට ආණ්ඩුව සුදානම් නොමැති අතර
එම ජනවරමට හානි වන කිසිදු තීන්දුවක් ජනාධිපතිවරයා,අගමැතිවරයා හෝ ආණ්ඩුව නොගන්නා බවට ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.