ආසාදිතයින් වාර්තා වීම් ඉහළ ගියද තත්වය පාලනය කල හැකියි

ඊස්වරන් රත්නම්

පසුගිය දින කිහිපය තුළ රට තුළ ආසාදිත පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ආසාදිතයින් ලෙස හඳුනා ගත්තද කෝවිඩ් තත්ත්වය පාලනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරනය කරයි.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ පසුගිය දින කිහිපය තුළ හඳුනාගත් ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවය.

නත්තල් සහ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ රට පුරා සංචාරය කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රථිපලයක් ලෙස බස්නාහිර පළාතෙන් ඔබ්බට කොරෝනා වෛරස් තත්වය ව්‍යාප්ත වීමට හේතුව බවද ඔහු පවසයි.

කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවල ආසාදිත පුද්ගලයින් ගණනාවක් පසුගිය දින කිහිපය තුළ වාර්තා විය. කෙසේ වෙතත්, තත්වය තවමත් පාලනය කර ගත හැකි බව වෛද්‍ය හේමන්ත හේරත් තරයේ කියා සිටියේය.

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඔවුන්ගේ ගමන් බිමන් සීමා කරන ලෙසත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් බලධාරීන් දිගින් දිගටම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.