සංකූලතා නොපෙන්වන කොරෝනා ආසාදිතයින් සඳහා, පහසුකම් තිබේ නම් සිය නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසයි. මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබෙන ඉල්ලීම්වලට අවසර ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන්, කොරෝනා මර්දන කමිටුවෙන් හා අදාළ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
ඊයේ දිනයේදී වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් 843 දෙනාගෙන් 480 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඊයේ දිනයේදී ද දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් පිට පිට තෙවන දිනටත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති අතර සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 17,523කි.
කොළඹ කොටුව 10, කොම්පඤ්ඤ වීදිය 20, කොල්ලුපිටිය 19, බම්බලපිටිය 12, නාරාහේන්පිට 29, වැල්ලවත්ත 22, කුරුඳුවත්ත 21, බොරැල්ල 08, දෙමටගොඩ 17, මරදාන 20, පිටකොටුව 11, අළුත්කඩේ 4, කොටහේන 09, ග්‍රෑන්ඩ්පාස් 15, මට්ටක්කුලිය 15, අංගොඩ 02, අතුරුගිරිය 08, අවිස්සාවේල්ල, 16, දැදීගමුව 3, බොරැලැස්ගමුව 01, දෙහිවල 19, ගොතටුව 21, හබරකඩ 01, හංවැල්ල 02, හෝමාගම 04, කහතුඩුව 08, කොහුවල 02, කොලොන්නාව 02, කොස්ගම 02, මොරටුව 18, ගල්කිස්ස 29, මුල්ලේරියාව 12, නවගමුව 07, රණාල 16, පිළියන්දල 12, තලංගම 07, වැල්ලම්පිටිය 29, මිරිහාන 01, කොට්ටාව 06 සහ මහරගම 12ක් ලෙස කොවිඩ් ආසාදීයින් වාර්තා වී ඇත.
ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 86ක්,කළුතර දිස්ත්‍රික්කයෙන් 72ක්, මහනුවර 35ක්, ගාල්ල 40ක්, කෑගල්ල 06, රත්නපුර 12, අම්පාර 16, මාතර 17, වව්නියාව 06, නුවරඑළිය 02, හම්බන්තොට 02, කුරුණෑගල 04, අනුරාධපුර 02, මන්නාරම 02, මොණරාගල 04, පොළොන්නරුව 08, මාතලේ 05, ත්‍රිකුණාමලය 13, පුත්තලම 14, බදුල්ල 09, කිලිනොච්චිය 02, මුලතිව් 01, යාපනය 02, මඩකලපුව 01ක් සහ ස්විට්සර්ලන්තයේ සිට මෙරටට පැමිණි ලාංකිකයින් දෙදෙනෙකු හට කොවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේදී තහවුරුවී ඇත.
වාර්තාවූ කොවිඩ් වර්තාවීම් අතර දින 03 ක් ස්ථාන 03 කදි විවාහ මංගල උත්සව සැමරුම් පැවැත්වූ මනාල යුවළකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කතා බහට ලක්විය. මෙම මංගල උත්සව පවත්වා ඇත්තේ පාදුක්ක, වටරැක ප්රදේශයේය. මේ හේතුවෙන් මෙම උත්සව 03 ටම සහභාගී වු පවුල් 100 කට වැඩි පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.