අද (25) උදෑසන සිට හුදකලා තත්ත්වයන් ඉවත්කිරීම සහ අලුතින් පැනවීම සිදුකරනු ලබන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව අද උදෑසන 6 සිට පහත ප්‍රදේශ හුදකලා කෙරෙනු ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක140 – බෝලාන දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි මැක්කොණිය ගම්මානය.
පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාමනිලධාරී වසම්.
මේ අතර, අද උදෑසන 6 සිට හුදකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශ කිහිපයක් පහතින් දැක්වේ.
කල්මුනේ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය – කල්මුනේ 1C ,කල්මුනේ 1E, කල්මුනේ 2, කල්මුනේ 2A, කල්මුනේ 2B, කල්මුනේ 3A
කල්මුනේ දකුණ ග්‍රාමනිලධාරී කොට්ඨාසය – කල්මුනේ 01 (M.D), කල්මුනේ කූඩි 01, කල්මුනේ කූඩි 02, කල්මුනේ 03 (M.D)