ඇඹුල්දෙණිය කඩුලු දඩයමක

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය අද (24) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දුයැවීම වාර්තා කිරීමට සමත්විය. ඒ එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරගයේ දී ලකුණු 132කට කඩුලු 07ක් දවා ගනිමිනි. එම ඉනිම වෙනුවෙන් නායක ජෝ රූට් ලකුණු 186ක් ලබාගැනීමට සමත්විය.

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අභියෝගාත්මක පන්දු යැවීමක නිරත වීමට ශ්‍රි ලංකා පිළ අද උදෑසන සමත්වුයේ එංගලන්ත පිළේ තවත් කඩුළු 02 ක් සමග එංගලන්ත පළමු ඉනිමේ කඩුළු 04 ක් දවා ගනිමිනි.

24 හැවිරිදි ලසිත් ඇඹුල්දෙණිය මේ දක්වා ටෙස්ට් තරග 8කට ක්‍රීඩා කරඇති අතර ලකුණු 66කට කඩුලු 05ක් දවා ගැනීම ඔහුගේ හොඳම දක්ෂතාව ලෙස සටහන් විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය සඳහා තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 09ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 339කි.

සිය පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන රමේෂ් මෙන්ඩිස් පළමු කඩුල්ල දවා ගැනීමට ද අද සමත් වු අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්න උඩ පන්දු 05ක් රැක ගැනීම ද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.