අධික හිමපතනය සමඟ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇතැම් පුද්ගලයන් අතරමං වී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මැඩ්රිඩ් නගරයේ ඇතැම් ස්ථානවල හිමපතනය සෙන්ටීමීටර 50 දක්වා ඉහළ ගොස් ඇත.
ගුවන් යානා සිය ගණනක් අහෝසි කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇත. හිම ඉවත් කිරීම සඳහා ස්පාඤ්ඤ හමුදාව මැදිහත්ව තිබේ.
අධික හිම තත්ත්වය නිසා ගුවන් යානා ගොඩබැස්සවීම ගැටලුකාරී වී ඇත.