කන්දකාඩු මධ්‍යස්ථානයට විසි කළ ටෙනිස් බෝලයේ හෙරොයින්

කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයට විසි කළ ටෙනිස් බෝල දෙකකින් හෙරොයින් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ටෙනිස් බෝල පිටතින් පරිශ්‍රයට විසි කර ඇති බවයි.

පරීක්ෂා කිරීමේදී බලධාරීන්ට මෙම ටෙනිස් බෝල තුල හෙරොයින්, දුම්කොළ සහ ගංජා සඟවා ඇති බවට සොයා ගැනීමට හැකිවී ඇත. වැඩිදුර පරීක්ෂණ සඳහා ටෙනිස් බෝල වැලිකන්ද පොලිසියට භාර දුන් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

හෙරොයින් සහ අනෙකුත් භාණ්ඩ කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළට විසි කළ පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සහ මීගමුව බන්ධනාගාරයේ ද මෙවැනිම සිදුවීම් වාර්තා විය. ඒ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.