ලොව විශාලතම මත්ද්‍රව්‍ය රජා නෙදර්ලන්තයේදී කොටුවෙයි

ලොව විශාලතම මත්ද්‍රව්‍ය කල්ලියක නායකයෙකු වන චීන සම්භවයක් සහිත කැනේඩියානු ජාතිකයෙක ට්සේ චී ලොප් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඕස්ට්‍රේලියාව නිකුත් කළ වරෙන්තුවකට අනුව මොහුව අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ආසියාව පුරා ඩොලර් බිලියන 70ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන බවට අනාවරණය වී තිබේ.

පොලීසියට අවශ්‍යව සිටි 56 හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු පොලීසිය අවුරුදු 10කට වැඩි කාලයක් මෙහෙයුම් සිදුකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.