ඊයේ දිනය තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් හඳුනා ගනු ලැබුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. සංඛ්‍යාව 197කි.
ඊට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 106ක් මෙලෙස හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික වාර්තාවේ දැක්වේ.
මීට අමතරව, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් 311 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගැණින. ඊයේ දිනය තුළ සමස්ත ආසාදිතයින් 724 දෙනෙකු හඳුනා ගනු ලැබූ අතර මරණ දෙකක් ද වාර්තා විය.