අශන්ති වරුනසුරිය
නිරෝධායන රීතීන් අනුගමනය කිරීම සොයා බැලීම හා හදිසි ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට අද (24) දින බස්නාහිර පළාත් තුළ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොලීසිය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන නිරෝධායන ක්‍රමවේද අනුගමනය කිරීම පරික්ෂා කෙරෙන අතර බස්නාහිර පළාතේ හඳිසි ඇන්ටිජන් පරික්ෂාවන් සිදු කෙරේ.
එමෙන්ම මාළු වෙළඳ සැල්, මාළු ලෑලි, එළවළු වෙලඳ සැල්, විවෘත අලෙවිසැල් ද පරික්ෂා කෙරෙන අතර බස්නාහිර පළාතෙන් පිටවන බස් රථ සඳහා ද ඇන්ටිජන් පරික්ෂා කිරීම සිදු කෙරේ.
නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ හා මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 09ක් ඊයේ දිනය තුළ පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. පසුගිය ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා අත් අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 2734කි.