මෙරටට ලැබීමට නියමිත එන්නත් තොගය ජනවාරි 27 වැනිදා ලැබීමෙන් පසු 28 වනදා සිටම එන්නත්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත් ලක්ෂ 5ම ප්‍රදානයක් හැටියට ලැබෙන අතර ඒ සඳහා කිසිදු මිලක් වැය නොවේ.
එන්නත පළමුවෙන් ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට ඉන් පසුව ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට ලබා දීමට කටයුතු කර ඇත. ඉන්පසු අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝග තියෙන අයට ද ලබා දෙයි.
කිසිම අවස්ථාවක අනුපිළිවෙලෙන් පිට කටයුතු කරන්න ඉඩ තියන්නේ නෑ. මුදලට හෝ බලයට පෝළිමෙන් පිට පැනලා එන්නත් ලබා ගන්න අවස්ථාවක් නෑ.යනුවෙන් ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.