අබුඩාබි සිට ත්‍රීකුණාමලය වරාය දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල් පරයක ගැටී අනතුරට ලක්වී ඇත.
මෙම නෞකාව අනතුරට ලක්වී ඇත්තේ යාල වනෝද්‍යානයේ පිහිටි ඉලුක්පට්ටි තුඩුව ප්‍රදේශයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් වූ කුඩා රාවනා ප්‍රදීපාගාරයට ආසන්න මුහුදු ප්‍රදේශයේ දී බවයි නාවික හමුදාව සඳහන් කරයි.
මෙම නෞකාව නොගැඹුරු මුහුදු කලාපයට පැමිණ ඇති බවත් එහිදී මෙම නෞකාව මුහුදේ තිබෙන ගල් පරයක වැදෙන්නට ඇති බවයි දැනට සැකපළ කරයි.
මේ වන විට නාවික හමුදාව එම ස්ථානය අසලට සිය යාත්‍රා යොමු කොට ඇත