දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලින් ගතවු පැය 24ක කාලය තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් හමුවී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. අද පෙරවරු 06.00න් අවසන් වු පැය 24 තුළ මෙරටින් නව ආසාදිතයින් 787 දෙනෙකු හදුනාගැනුණි.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 139කි. මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දෛනික දෙවන වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 108කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ නව ආසාදිතයින් 101 දෙනෙකු හඳුනාගෙන තිබුණි. මහනුවර දිස්ත්‍රික්කයේ අංකුඹුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් ඊයේ කොවිඩ් ආසාදිතයින් 48 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එමෙන්ම අනුරාධපුර දේවානම්පියතිස්සපුර, 295A ග්‍රාම නිලධාරී වසම (තිසාවැව 01 කොටස) මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට තීරණය කර තිබේ.
පවතින තත්ත්වය හමුවේ ලබන මස මැදභාගය වනවිට රටතුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වනුඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවයි. එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් 25ම රෝගීන් දෛනිකව හමුවෙන තැනට ගමන් කර ඇති බවත් ප්‍රශ්ණ තිබුණා වුනත් මේ මොහොතෙදී අපේ රටේ ප්‍රමුඛතාවය වෙන්න ඕනේ, හැකි අසනනතම මොහොතෙදී හැකි ඉක්මනින් එන්නත් ප්‍රමාණය ලංකාවට ගෙන්වා ගැනීම බවද ඔහු පැවසීය.