ආසාදිතයින් නිවෙස් තුළ නිරෝධායනය කිරීමට ඉල්ලයි

රජය මගින් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම තවදුරටත් ප්‍රායෝගික නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ඒ අනුව ඔහු පවසන්නේ නිවෙස්වල නිරෝධායන කටයුතු සඳහා අවසර ලබාදීමට බලධාරීන් ක්‍රියා නොකළහොත් රට තුළ භයානක තත්ත්වයක් ඇති විය හැකි බවය.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවත් ආසාදිත පුද්ගලයින්ට සිය නිවෙස් තුළ නිරෝධායනයට ඉඩ ලබාදීමට බලාපොරොත්තුවක් නොමැති බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.