පොඩි ලැසීගේ සමීපතමයෙකු STF අත්අඩංගුවට

විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව මීටියාගල හරන්නාගල ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසීගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරු සතුව තිබී චීනයේ නිෂ්පාදිත මිලිමීටර 09 වර්ගයේ පිස්තෝලයක්, රිවෝල්වර අවියක්, මිලිමීටර 09 වර්ගයේ උණ්ඩ 02 ක් සහ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මැගසින් 01 ක් සොයාගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මිටියාගොඩ පොලීසියට භාර දී ඇති අතර ඔහු අද (23) බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.