වලපනේ ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනය ස්වාභාවිකව සිදු වූ බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
වලපනේ ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.
ඊයේ (23) අලුයම 03.30 ට පමණ වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 1.8 ප්‍රභලත්වයකින් යුත් සුළු භූ කම්පන තත්වයක් වාර්තා වී තිබුණි.
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොළ මහතා, මේ පිළිබඳව නිවරැදි තොරතුරු අද දවස ඇතුළත ලබාගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තුවෙනවා. දැනට තිබෙන තොරතුරු අනුව පැහැදිළිව කියන්න පුළුවන් මේක ස්වභාවිකව තත්ත්වයන් යටතේ ඇති වූ එකක් කියලා” යනුවෙන් පැවසුවේය.