නිදහස් දින පෙළපාලියට ශිෂ්‍ය භටයින් 300ක්

73 වන නිදහස් දින පෙළපාලියේ පුහුණු කටයුතු සඳහා ශිෂ්‍ය භටයින් 300ක් කඳවුරුගතව සහභාගී කරවීම තුළින් සිසුන් අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව ලංකා ගුරු සංගමය පවසයි.

එමෙන්ම ජාතික ශිෂ්‍ය භට බළකාය විසින් සිදුකර ඇති එම ඉල්ලීමට අධ්‍යාපන ලේකම්වරයා ලිඛිතව විරෝධය පළ කර ඇතැයි ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා මේ බව කියා සිටියේය.

දිවයින පුරා ඇති පාසල් 152කට අදාළ ව පාසල් ළමුන්, දින 15ක් කඳවුරුගත කිරීමට යෝජනා වී ඇත. එහි පළමු අදියර යටතේ සිසුන් සියලුදෙනා රන්ටැඹේ ජාතික පුහුණු ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ නේවාසිකව රැඳවීමට නියමිත අතර තවත් දින 7ක කාලයක් රාජගිරිය ප්‍රදේශයේ පාසලක නේවාසිකව සිසුන් රඳවා ගැනීමට සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.