තවත් යුක්රේන සංචාරකයන් 104 දෙනෙකු රැගත් ගුවන්යානයක් මත්තල ගුවන්තොටුපලට පැමිණ ඇත. එමෙන්ම හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග විසින් සිදු කරනු ලබන යුක්රේන ජාතික සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පනත සහ නිරෝධායන නීති උල්ලංඝණය වී ඇති බවට චෝදනා එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලමින් සමගි තරුණ බලවේගය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.
සමගි තරුණ බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ ප්රචාරක ලේකම් රසික ජයකොඩි පොලිස් මූලස්ථානයට ගොස් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.
විශේෂයෙන්ම නීති විරෝධී ලෙස සීගිරි චිත්‍ර අසළ ඔවුන් ලබා ගත් චායාරූප මේ පැමිණිල්ලත් සමග පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කරන ලද අතර මේ හරහා පුරාවිද්‍යා පනත උල්ලංඝණය වී ඇතිදැයි පරීක්ෂණයක් සිදු කරන ලෙස ද මෙම පැමිණිල්ල මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියා
මේ වන විට යුක්රේනයෙන් කොරෝනා රෝගීන් 1,182,969 ක් වාර්තා වී ඇති අතර එරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 21,662කි