එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

ජන සන්නිවේදන අංශයේ ප්‍රවීනයෙකු ලෙස හැඳින්වෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු, පරිසරවේදියෙකු, ගුරුවරයෙකු මෙන්ම වියතෙකු ලෙස ද සැලකෙන ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක විශිෂ්ඨ ලෙස හැසිරවීමෙහි දක්ෂතා දක්වනු ලැබිය.

ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් හිමිකර ගත් ඒ මහතා විවිධ රාජ්‍ය ආයතනවල උසස් තනතුරු ද හොබවා තිබේ. ඒ මහතා මියයන විට 98 හැවිරිදි වියේ පසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.