සංචාරකයින් හා මාධ්‍යවේදීන් 330ක් දිවයිනට

ගුවන් තොටුපොළ යළි විවෘත කිරීමත් සමග ඊයේ රාත්‍රී සහ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට ගුවන් මගීන් 330 දෙනෙක් පැමිණ තිබේ.

බහරේන් දෝහාකටාර්,ජපානය,නෙදර්ලන්තය,ජර්මනිය සහ ඩුබායි යන රටවල සිට පැමිණි මේ පිරිස අතර විදෙස් සංචාරකයින් හා මාධ්‍ය‍වේදීන් පිරිසක් ද වෙති.

බහරේන් සිට ශ්‍රී ලාංකිකයන් 186 දෙනෙක්, දෝහකටාර්හි සිට 36 දෙනෙක් සහ ජපානයේ සිට ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙක් ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇත. සියලුදෙනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ගවලට අනුකූලව නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.