බදුල්ල, පස්සර ජාතික පාසැලේ කොවිඩ් -19 වෛරසය ආසාදනය සිසු සිසුවියන් සංඛ්‍යාව මේ වන විට 10ක් දක්වා ඉහළ ගොස් ඇත.
පෙබරවාරි මස 04 වෙනිදා පැවැත්වීමට නියමිත ජාතික නිදහස් දින උත්සවය සඳහා සහභාගී කරවීම සඳහා පාසැල් සිසුන් පිරිසක් සහභාගී කරවන ලෙස සිදුකළ දැනුම් දීමක් අනුව සිසුවියන් 03 දෙනෙකු පසුගිය 18 වෙනිදා PCR පරීක්ෂණ සිදුකර තිබේ.
එම PCR පරීක්ෂණ අනුව ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඒ අනුව මෙම කොරෝනා ආසාදිත සිසුන්ගේ ආශ්‍රිතයින් ඉලක්ක කර ගනිමින් සිදුකළ PCR පරීක්ෂණ වලින් තවත් සිසුන් 07 දෙනෙකු වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත.
පස්සර ජාතික පාසැලේ 12 සහ 13 වන ශ්‍රේණියේ පන්ති වසා දැමීමට උපදෙස් ලබාදුන් බවත් එම සිසු සිසුවියන් ස්වයං නිරෝධායනයට ලක්වීමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.