රු.ලක්ෂ 31500ක සිගරැට් මගඩියක

අශන්ති වරුනසුරිය

2021 අයවැය යෝජනා වලින් සිගරට් මිල ඉහල යන බැවින් ඊට පෙර සිගරට් තොග මෙරටට ගෙනවිත් ගබඩා කර තබා ගැනීම සදහා යයි පවසමින් ඩි.එස් ගුණසේකර සමාගමට රුපියල් ලක්ෂ 31 500 ක ණය මුදලක් නිකුත් කිරීමේ සිදු වීමක් පිළිබඳ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කළේය.

අදාල රාජ්‍ය බැන්කුව අදාළ ලක්ෂ 31 500 ක ණය මුදල නිකුත් කර තිබෙන්නේ අදාල ණය මුදලින් ගෙන එනු ලබන සිගරට් තොගය ඇපයට තබා ගැනීමේ පොරොන්දුව මත වීමද විශේෂත්වයකි. ඒ අනුව වාර්තා වන්නේ අදාළ බැංකු ශාකාව හම්බන්තොට කටුවන බැංකු ශාඛාව බවත් ඒ හරහා අදාළ ණය මුදල නිකුත් කර ඇති බවත්ය.

මේ හරහා ලංකා දුම්කොළ සමාගම හරහා දුම්වැටි අලවියෙන් රජයට ලැබෙන බදු අදායමද අහිමි කර ඇති බවට ද බරපතල චෝදනාවක් එල්ලවේ.

අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ මුදිත ගුණසේකර මහතා වර්තමානයේ මැති ඇමතිවරුන් රාජ්‍ය නායකයින් ඉතා සමීපව ඇසුරු කරන ඔවුන්ට සිය නිවසේ නවාතැන් පවා ලබා දෙන පුද්ගලයෙකු බවය. එමෙන්ම ඔහු චෝදනා කරන්නේ ආණ්ඩුවේ හිතවත් කම් මත සිදුව ඇති මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වහා පිළිතුරු ලබා දිය යුතු බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.