කොවිඩ් නව ආසාදිතයින් වැඩිම කොළඹින්

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කොළඹිනි.

එමෙන්ම දිනක් තුල වැඩිම ආසාදිතයින් ගන්නද වාර්තා වන්නේ ඊයේ දිනයේදීය. ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 887ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වේ.

මිට පෙර දිනක් තුල වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 878 දෙනෙකු පසුගිය වසරේ දෙසැම්බර් මස 02 වෙනිදා වාර්තා විය.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 56,076ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,816කි.

සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ආසාදිතයින් සංඛ්‍යාව 47,984ක් වන අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 276ක් ලෙස සටහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.