අශන්ති වරුනසුරිය
එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවලට පත්කළ නිලධාරීන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිය රාජකාරි ආරම්භ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකවරුන්ගේ පිළිරූ සදහා පුෂ්පෝපහාර දක්වමින් ඔවුන් කළ සේවාව සිහිපත් කෙරුණ අතර බෞද්ධ, කතෝලික, හින්දු හා ඉස්ලාම් ආගමික වතාවත්වලින් අනතුරුවයි ඒ ඒ තනතුරුවලට පත්කළ නිලධාරීන් සිය පත්වීම භාරගත් බවට වූ ලිපිය පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීම සිදු කෙරිණි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මෙසේ ලිපි ලබා දීම සිදුවිය.
පක්ෂයේ උප සභාපති ධුරයේ කටයුතු කළ නොහැකි බව ඊට පෙර සදහන් කළ රවී කරුණානායක මහතා අද උත්සවයට පැමිණ සිටියේ නැත. එමෙන්ම පක්ෂයේ භාණ්ඩාගාරික ඒ එස් එම් මිස්බාහ්, උප සභාපතිවරුන් වන සාගල රත්නායක සහ දයා ගමගේ යන මහත්වරුන් ද සිය පත්වීම් භාරගත් බවට ලිපි ලබාදීමේ කාර්යයට එක්වූ යේද නැත.