ඉන්දියාවේ කොවිඩ් එන්නත් නිපදවන ආයතන ගින්නෙන් 5 ක් මරුට

ඉන්දියාවේ කොවිඩ් එන්නත් නිපදවන ආයතනය වන සේරම්හි  ඇති වූ ගින්නකින් සේවකයන් 05 දෙනකු මියගොස් ඇත.

ගොඩනැගිල්ලේ සිරවී සිටි තවත් කිහිප දෙනකු ගිනි නිවන භටයන් විසින් බේරාගෙන ඇති අතර  ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී ඇති කොවිඩ් 19 වයිරසයට එරෙහි එන්නත් දෙකින් එකක් වන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ බ්‍රිතාන්‍ය-ස්වීඩන් ඖෂධ සමාගමක් වන ඇස්ට්‍රාසෙනෙකා සමග සහයෝගීත්වයෙන් කොවිෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ සේරම් ආයතනය විසිනි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ගිනි නිවීම් අංශ පවසා තිබේ. මේ අතර ඊයේ පස්වරුවේ සේරම් ආයතනයේ ප්‍රධානී අදාර් පූනාවල ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ ගොඩනැගිල්ලේ මහල් කීපයක් සම්පූර්ණයෙන්ම විනාශවී ඇති නමුත් කොවිඩ් එන්නත් නිෂ්පාදනයට කිසිදු බාධාවක් සිදුව නැති බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.