මෙරට මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට පත් වී එහි සිටි ධීවරයින් සිව්දෙනා මියයාම සම්බන්ධයෙන් කම්පාවට පත්වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වු මුහුදු තීරයේ දී නාවික හමුදා යාත්‍රාවක ඉන්දීය ධීවර යාත්‍රාව ගැටීමෙන් පසුගියදා අදාළ අනතුර සිදුවු අතර එහිදි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇති බව ඉන්දියාව සඳහන් කළේය.
එම අනතුර සම්බන්ධයෙන් තම රජය දැඩි විරෝධය පලකරන අතර ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහකොමසාරිස්වරයා හරහා ඒ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
අදාළ අනතුරෙන් සිදුවු ජිවිත හානි සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරන අතර ධීවරයින්ට අදාළ ගැටලු මානූෂීය ලෙස විසඳීමේ අවශ්‍යතාව අවධාරණය කරන බව එහි සඳහන්ය