චන්ද්‍රිකාගේ වලව්ව සොරු බිදියි

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අයත් හොරගොල්ල වලව්වට නාඳුනන පුද්ගලයෙකු ඇතුළුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ විමර්ශනයක් දියත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් වලව්වේ ආරක්ෂාව සඳහා යොදවා තිබියදී අලුයම් කාලයේදී වලව්වේ දොරක වීදුරුවක් බිඳ අදාළ පුද්ගලයා මෙලෙස ඇතුළුවී තිබේ.

හිටපු ජනාධිපතිනිය එදින කොළඹ 7 පිහිටි ඇගේ නිල නිවසේ රැඳී සිට ඇති අතර ඇයගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු වලව්වේ ආරක්ෂාව සඳහා යොදවා තිබී ඇත.

මේ පිළිබඳව නිට්ටඹුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ විමර්ශන සිදු වන බවද පවසමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.