කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 සීමාව ඉක්මවා යාමට අද (21) සමත් විය. මීට පෙර අවස්ථා කිහිපයක දී ගනුදෙනු අතරවාරයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 සීමාව ඉක්මවා වාර්තා වුවද, දිනයක ගනුදෙනු අවසානයේ එය ඒකක 8,000 සීමාව ඉක්මවා සටහන් වූ පළමු අවස්ථාව මෙය වේ.
මෙහිදී පෙර දිනයට සාපේක්ෂව ඒකක 246.80 ක වර්ධනයක් සනිටුහන් කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,131.25 ක් ලෙසින් වාර්තා විය මෙය පෙර දිනයට සාපේක්ෂව 3.13% ක වර්ධනයකි.
දිනය තුළ රුපියල් බිලියන 14.20 ක පිරිවැටුමක් වාර්තා වූ මෙය මෙම වසරේ තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම දෛනික පිරිවැටුම වේ. ඩිප්ඩ් ප්රඩක්ට්ස් (රු. බිලියන 1.77), හේලීස් (රු. බිලියන 1.30) මේ සඳහා වැඩි දායකත්වය ලබා දුන් සමාගම් වේ.
සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා LOLC, හේලීස්, වැලිබල් වන්, හේකාර්බ් සහ ඩිප්ඩ් ප්රඩක්ට්ස් යන සමාගම් ඉතා ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.