එක්දින තරග සඳහා පුහුණුවීම් සිදුකරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරය සඳහා පුහුණුවීම් සිදුකරමින් සිටි ක්‍රීඩකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වේ.
මෙම තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කණ්ඩායම් 03ක් යටතේ පුහුණුවීම් සඳහා කැඳවා තිබිණි. වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයින් දෙදෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු කොට යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ආසාදිත ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සම්බන්ධකම් පැවැත්වූ වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයින් හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන් සම්බන්ධතා සොයා ගැනීමේ නිරතව සිටීයි.