වෛරස් නව ප්‍රභේදය රටවල් 60කට වැඩි සංඛ්‍යාවක ව්‍යාප්ත වෙයි

මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය රටවල් 60 කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

නව කොරෝනා වයිරස් ප්‍රභේදය ගෝලීය වශයෙන් දැඩි අවදානයකට යොමු කළ යුත්තක් බවයි වෛද්‍ය විශේෂඥයින් පවසයි. එමෙන්ම මෙය වැඩි වේගයකින් ආසාදනය වීම් සිදු කිරීමට හැකි වීම මෙම වයිරසයේ ලක්ෂණයයයි.

දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ කොරෝනා ප්‍රභේදය ද රටවල් 23 කට පමණ ව්‍යාප්ත වී ඇත. කොරෝනා වෛරසය නිසා මේ වන විට මියගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 20කට වැඩි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

වෛරසයෙන් වැඩිම බලපෑමක් ඇති වූ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පුළුල් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ධුරය සඳහා තේරීපත්ව සිටින ජෝ බයිඩ්න් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.