වෛශනී වෙල්රාජ්
වාණිජ ගුවන් ගමන් සඳහා කටුනායක ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු උදෑසන 08.30 දක්වා කාලය තුළ ගුවන් ගමන් 20ක් සිදුකර ඇති. එම කාල සීමාව තුළ ගුවන් යානා 08ක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර මගීන් 213 දෙනෙකු ද මෙරටට පැමිණ ඇති.
ඒ කොරෝනා වසංගතයෙන් පසු පළමු වාණිජ ගුවන් ගමන අද පැමිණියේ ශ්‍රී ලංකාව සංචාරකයින් සඳහා සිය දේශසීමා නැවත විවෘත කිරීමත් සමඟ ය.
ඒ අනුව සෞදි අරාබියෙන් 76 දෙනෙක්, ඕමානයෙන් 50 දෙනෙකු සහ දකුණු කොරියාවෙන් 13 දෙනෙකු පැමිණ තිබේ. මේ අතර අදාළ කාලසිමාව තුළ ගුවන් යානා 12කින් ගුවන් මගීන් 542ක් කටුනායක ගුවන් තොටුපොළෙන් විදෙස් රටවල් සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
ගුවන්තොටුපල හා ගුවන් සේවා ආයතනික සන්නිවේදන අංශ ප්‍රධානී සුමිත් ද සිල්වා කොළඹ ගැසට් පත්‍රයට පැවසුවේ පළමු ගුවන් ගමනේ මගීන් 49 දෙනෙකු සිටි බවය. මෙයට සංචාරකයින් දෙදෙනෙකු ඇතුළත් වන අතර සෙසු අය වැටුප් නිරෝධායනය සඳහා ශ්‍රී ලාංකිකයන් වෙති.
ඕමාන් එයාර් ඩබ්ලිව්.වයි – 371 අද පෙරවරු 7.32 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැස ඇති බව සුමිත් ද සිල්වා මහතා පැවසීය.