
ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු සිය ප්රථම රාජකාරිය ලෙස සිදුකලේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් ගත් ප්රධාන ප්රතිපත්තිමය තීරණ රැසක් අවලංගු වන විධයක නියෝග 15කට අත්සන් තැබීමයි.
මේ යටතේ ට්රම්ප් පරිපාලනය යටතේ ඉවත් වූ පැරිස් දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවවේ එකඟතාවන්ට යලි අනුගත වීමද අයත්වෙි.
බයිඩ්න් දිවුරුම් දීමත් සමග කමලා හැරිස් එරට ප්රථම කාන්තා උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන්නාය.
දිවුරුම්දීමෙන් අනතුරුව ජාතිය ඇමතූ ජනපති ජෝ බයිඩ්න් ප්රකාශ කලේ මෙය ප්රජාතන්ත්රවාදයේ දිනය බවයි.
බයිඩ්න්ගේ දිවුරුම්දීමේ උත්සවයේ දී ඇමරිකානු ජාතික ගීය ලේඩි ගාගා විසින් ගායනා කරනු ලැබීම විශේෂත්වයකි.
ජෙනිෆර් ලෝපර්ස් ද උළෙල වර්ණවත් කිරීමට එක්ව සිටියාය.
මේ අතර ධවල මන්දිරයෙන් නික්මුණු ඩොනල්ඩ් ට්රම්ප් හා මෙලනියා ට්රම්ප් ෆ්ලොරිඩාවට ගොස් ඇතැයි වාර්තාවේ.