සෞඛ්‍ය නිර්දේශ අනුව බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වැනි දා වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
වත්මන් තත්ත්වය යටතේ බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී විශේෂ හමුවක් පැවැත්වූ අතර එහිදී මේ ගැන සාකච්චා වී ඇත.
බස්නාහිර පළාතේ සෙසු ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීම සම්බනධයෙන් තීරණය ඒ ඒ දිස්ති‍්‍රක්කවල දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය සංවර්ධන ආයතන සභාපතිවරු ඇතුලූ සියලූ පාර්ශවවල අදහස් විමසීමෙන් අනතුරුව සිදු කිරීමට, මෙම සාකච්ඡුාවේදී තීරණය කර ඇත.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඒ සඳහා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව, සෞඛ්‍ය නිර්දේශ ලැබෙන බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරී මස 15වනදා වන විට ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.