අද වන විට කොවිඩ් මරණ සංඛ්‍යාව 273 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය පිරිස අතර කාන්තාවන් 97කුත් පිරිමි පුද්ගලයින් 176කුත් සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
අද (20) දිනයේ කොවිඩ් ආසාදිතයින් 389ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 55,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 55,189කි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 768කි