ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ශී‍්‍ර ලංකාවට හිමි වීමට නියමිත කොරෝනා මර්දන එන්නතේ සාම්පල මේ වන විට මෙරට තත්ත්ව පරීක්ෂාවන් සදහා යොමු කර ඇත. සතියක් තුළ මෙම එන්නත් සාම්පල් පරීක්ෂාව සිදු කර අවසන් කිරීමටයි නියමිතය.
ඇස්ට්‍රා සෙනේකා නැමති මෙම එන්නත් සාම්පල ජාතික ඖෂධ නියාමන අධිකාරියට වෙතඊයේ දිනයේදී ලැබී තිබිණි. ඒ අනුව මෙම කොරෝනා මර්දන එන්නතේ සංකූලතා සහ එම එන්නතින් අතුරු ආබාධ ඇති විය හැකිද නැද්ද යන්න මූලික පරීක්ෂණ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සිදු කරයි.
අදාල සාම්පල පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති අතර එහි ප්‍රගතිය පිළිබදව ඉදිරියේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට නියමිතය.
එම පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල අනුව ඇස්ට්‍රා සෙනේකා නැමති ඉන්දියාවේ නිෂ්පාදිත මෙම කොරෝනා මර්දන එන්නත ශී‍්‍ර ලංකාවට ගෙන්වීමට කටයුතු යොදා ඇත. මෙම කොරෝනා මර්දන එන්නත විවිධ රටවලට බෙදාහැරීම සදහා මසකට මිලියන 50ක් නිෂ්පාදනය කිරීමටයි ඉන්දීය රජය සැලසුම් කර තිබේ.