අමෙරිකානු ජනාධිපති ධූරයෙන් ඉවත්ව යන ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් සිය බිරිඳ සමග පිටත්ව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව ඔහු ජනාධිපති ලෙස තේරී පත්වී සිටින ජෝ බයිඩන් ගේ දිවුරුම් දීමේ අවස්ථාවට එක් නොවේ.
අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින ජෝ බයිඩන්, ජනාධිපති ලෙස දිවුරුම්දුන් වහාම ක්‍රියාත්මක කිරීමට නියමිත “විධායක තීරණ” පිළිබඳ ව ඔහුගේ කණ්ඩායම විසින් නිවේදනය කර තිබේ.
ඒ අනුව අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම නැවැත්වීම, දේශගුණ විපර්යාස සම්බන්ධ පැරිස් සම්මුතිය හා නැවත එක්වීම, මුස්ලිම් බහුතර රටවලින් එන පුද්ගලයින්ට එරෙහිව පනවා තිබූ ගමන් තහනම ඉවත් කිරීම වේ.
මේ අතර බයිඩන්, අද (20) වැනිදා ග්‍රිනීච් මධ්‍යම වේලාවෙන් පැය 1700ට අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. දිවුරුම් දීමේ උත්සවය වොෂිංටන් නගරයේ පැවැත්වේ.
අමෙරිකානු ඉතිහාසයේ පළමු උප ජනාධිපතිවරිය ලෙස කමලා හැරිස් ද එම අවස්ථාවේදී දිවුරුම් දීමට නියමිතය.