මාතලේ නාඋල ප්රදේශයේ ඇඟලුම් ආයතනයකින් කොවිඩ්-19 ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගැනීමත් සමග එම ඇඟලුම් ආයතනය තාවකාලිකව වසාදමා ඇත. PCR පරීක්ෂණ 300ක් පමණ සිදුකර එම ආසාදිතයින් හඳුනාගෙන ඇත.
මේ අතර හැටන් නගරයේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ සිටි සිසුවියන් 20 දෙනෙකු, කන්යා සොයුරියන් දෙදෙනෙකු සහ සේවිකාවන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
නේවාසිකාගාරයේ සිටි මොරටුව සහ මට්ටක්කුලිය පදිංචි සිසුවියන් දෙදෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ මතුවීම හේතුවෙනි. මේ අතර, ස්වයං නිරෝධායනයට යොමුකර සිටි දික්ඔය මූලික රෝහලේ හෙදියකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත.