චීනයේ ප්රමුඛ ව්‍යාපාරිකයෙක් වන “ජැක් මා” සති කිහිපයකට පසුව පළමුවරට සමාජය හමුවේ අද (20) පෙනී සිට තිබේ. බිලියනපතියෙක් වන “අලිබාබා සමුහයේ” ප්‍රධානියා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ග්‍රාමීය ගුරුවරුන් 100 දෙනෙක් සමග අද අදහස් හුවමාරු කරගත් බව වාර්තා වේ.
පසුගිය මාසය පුරාවට චීන බලධාරීන් විසින් ඔහුගේ ව්‍යාපාර ගැන දැඩිලෙස සොයාබැලූ අතර එම කාලයේදී ඔහුව දක්නට නොලැබිණි.
එම තොරතුර පැතිරයාමත් සමගම හොංකොං කොටස් වෙළෙඳපොළෙහි අලිබාබා සමූහයේ කොටස් වල වටිනාකම 5%කින් ඉහළ ගොස් තිබේ.
ජැක් මා කොහිද යන්න පිළිබඳව සැක මතුවුයේ මේ මස මුලදී “අප්‍රිකා ව්‍යාපාරික වීරයෝ” නම් රූපවාහිනී වැඩසටහනට ඔහු එකතු නොවීම හේතුවෙනි. එම වැඩසටහනේ විනිසුරුවෙක් ලෙස ඔහු කටයුතු කළේය.