ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සිව් වසරක් සපිරීම නිමිතිකොට ගෙන වලපනේ ආසනයේ තරුණ සම්මේලනය රැස්කරමින් ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කටයුතු සුදානම් කර තිබුණි.
ඒ අනුව මධ්‍යම පළාත් හිටපු නියෝජ්‍ය සභාපති වත්මන් ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරී එස්.බී.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේත් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේත් මෙහෙයවීම තුල පොදුජන පෙරමුණ නම් වු පක්ෂය අද ජනතවාගේ පක්ෂය බවට පරිවර්තනය වී ඇති බව සාක්ෂි සාධක සහිතව තහවුරු වී ඇති බවයි.
ජනතාව පක්ෂය වෙත තැබු විශ්වාසය රැකගනිමන් මැතිවරණයට පෙර සදහන් කළ කරුණු ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැංවෙන බව දක්නට ඇති බවත් “ගම සමග පිලිසඳර-වැඩ සමග යලි ගමට ” වැනි වැඩසටහන් ඔස්සේ ග්‍රාමීය ජනතාවගේ ජීවත තත්වය උසස් කරලීම සදහා වර්තමාන රජය කටයුතු කිරීම ඊට නිදසුන් බවත් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.