පසුගිය සතියේදී සයිප්‍රසයේ සිට රැගෙන ආ විදෙස් ශ්‍රමිකයන් 45 දෙනාට ආසාදනය වී ඇත්තේ මේ දිනවල පැතිර යන නව කොවිඩ් ප්‍රභේදයක්ද යන්න පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් පත් කර ඇත.
යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මෙම විදෙස්ගත ශ්‍රමිකයින් පිරිසගේ නිරෝධායන කටයුතු සම්පූර්ණයෙන්ම යුධ හමුදාව විසින්ම සිදු කරනු ලබයි.
කෙසේවෙතත් මේ වන විට මෙලෙස පැමිණෙන්නට මාර්ගෝපදේශන ලබා දී ඇති අතර කොරෝනා එන්නත එන්නත් කරගෙන මෙරටට පැමිනෙන ශ්රමිකයින්ද අනිවාර්යෙන්ම මෙරට නිරෝධායන ක්‍රියාවලියට ඇතුලත් විය යුතුය.