මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂක ඉවත් කරයි

ඉන්දික ශ්‍රී අරවින්ද  

කොවිඩ් -19 වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමේ කාර්යෙන් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ ඔහු විසින් මාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශයක් නිසා රජය අපහසුතාවයට පත්ව ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව මින් ඉදිරියට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පමණක් මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමේ බලය පවරා ඇත.

මෙයට අමතරව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ‍ෙජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහතා පත් කර ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව මින් ඉදිරියට සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතාට මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමේ බලයක් නොමැත.

මේ සම්බන්ධයෙන් Colombo Gazette කළ විමසීමකදී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ තමාට මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම අත්හිටුවා ඇති බවත් ඒ වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු පත්කර ඇති බවයි.

මෙයට පෙරදී මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පත්කර තිබු අතර ඔහුවද එම තනතුරින් ඉවත් කර නැවත වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත මාරුකර යැවීමට සෞඛ්‍ය අමාත්‍යවරිය කටයුතු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.