ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් සැපයීම සඳහා සුදානමින් සිටින බව ඉන්දියාව පවසයි.
එම රටවල ඖෂධ නියාමන ආයතනවල අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව දඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ දැක්වෙන්නේ, අසල්වැසි සහ මිත්‍ර රටවල් කිහිපයකින් ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් සඳහා ඉල්ලීම් ලැබී ඇති බවත් ඒඅනුව, භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ සීෂෙල්ස් යන රටවල් සඳහා ආධාර යටතේ එන්නත් සැපයීම හෙට සිට අරඹන බව ඉන්දීය විදේශකටයුතු අමාත්‍යාංශ සඳහන් කරයි.
ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ මුරුසිය සඳහා අදාළ නියාමන අනුමැතිය ලැබුණු පසු එන්නත් සැපයීමට බලාපොරොත්තු වන බව ඉන්දියාව සඳහන් කරයි.