ඉන්දික ශ්‍රී අරවින්ද
මන්නාරම දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාම ලේඛනවලින් ඉවත් කිරීමට එරහිව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් කර ඇත.
මේ හේතුව නිසා එම ජනතාවගේ මූලික අයිතිවාසිකම් මැතිවරණ කොමිසම විසින් කඩකර ඇතැයි සඳහන් කරමින්ය.
දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මෙවර ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේදී උතුරු පළාතේ ඡන්දදායකයන්ගේ නම්, ඡන්ද නාම ලේඛනවලින් ඉවත් කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබෙන බවත් එම පැමිණිල්ලේ සඳහන් වෙයි.
මේ සම්බන්ධව පසුගිය (13) වැනිදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ද ලිපියක් යොමු කරමින් රිෂාඩ් බදියුර්දීන් මහතා ඉල්ලීමක් කර තිබුණි.