ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලාවල පසුගිය වසරේ මාර්තු සිට දෙසැම්බර් දක්වා වන විදුලි බිල්පත්, බිල්පත් දිනයේ සිට සමාන වාරික 12කින් නිරවුල් කිරීම සඳහා අවස්ථාව සලසාදීම හා එතෙක් විදුලිය විසන්දි නොකිරීමටද තීරණය කර ඇත.
එමෙන්ම, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන්පොළවලට අදාළව පසුගිය වසරේ මාර්තු පළමු වැනිදා සිට මේ වසරේ පෙබරවාරි 28 වැනිදා දක්වා එකතු වී ඇති විදුලි බිල්පත් සහ ජල බිල්පත් සමාන වාරික 12කින් නිරවුල් කිරීම සඳහා අවස්ථාව ලබාදීම හා එතෙක් අදාළ සැපයුම් විසන්ධි නොකිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
එමෙන්ම කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ විදුලි පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව අඛණ්ඩව දින 14කට වැඩි කාලයක් හුදෙකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ත වාණිජ හා කාර්මික විදුලි පාරිභෝගිකයන්ට එම කාලසීමාවට අදාළ විදුලි බිල්පත් නිරවුල් කිරීම සඳහා බිල්පත් දිනයේ සිට මාස 6ක සහන කාලයක් ලබාදීමටත් එතෙක් විදුලි සැපයීම විසන්දි නොකිරිමටත් තීරණය කෙරිණ