ජනාධිපති ඇතුළු මැති ඇමතිවරුන් පියල්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගනී ?

රාජ්‍ය අමාත්‍යවරයාගේ පළමු ආශ්‍රිතයින් ලෙස ජනාධිපති ඇතුළු විමල්,රෝහිත,අමරවීර,චානක,ජි.එල්,විදුර,නාමල්,සිසිර,එල්ලාවල,එදිරිමාන්න හඳුනා ගනී ?

ඉන්දික ශ්‍රී අරවින්ද

කොවිඩ් ආසාදිත රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ පළමු ආශ්‍රිතයින් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු මෙන්ම ප්‍රධාන සංඝ නායක ස්වාමින්වන්සේලා කිහිපදෙනෙකුම හඳුනාගෙන තිබේ.

ඒ පසුගිය දින කිහිපය තුළ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහභාගී වූ උත්සව අවස්ථා කිහිපයක් මුල් කරගෙනයි. පසුගිය දින කිහිපයේ දී ජනාධිපතිවරයා සහ අමාත්‍යවරු රැසක් විවිද අවස්ථා රැසකට පියල් නිශාන්ත මහතා එක්ව සිට ඇති බව වාර්තා වෙයි.

පසුගිය බ්‍රහස්පතින්දා කළුතර ටයර් කම්හලක් විවෘත කිරීමේ උත්සවයටද සහභාගි වී වූ අතර එම උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණී.

එම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයත්, අමාත්‍ය විමල් විරවංශ,රෝහිත අබේගුණවර්ධන,මහින්ද අමරවීර,රමේෂ් පතිරණ,කනඛ හේරත්,ඩී.වී.චානක,සංජීව එදිරිමාන්න යන මැති ඇමතිවරු සහභාගී වී ඇත.

මේ හේතුව නිසා අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යවරයා PCR පරීක්ෂණයකට ලක්කර ඇති බවත් එයින් අමාත්‍යවරයාට කොවිඩ් -19 ආසාදනය වී නොමැති බවටත් තහවුරු වී ඇති බව අමාත්‍යවරයා Colombo Gazette වෙත පැවසීය.
මෙහිදී රාජ්‍ය අමාත්‍ය කනඛ හේරත් මහතා අද (19) දින ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකට (රැපිඩ් අන්ටිජන්) ලක්කිරීමට නියමිතව ඇතැයි ඔහුගේ මාධ්‍ය ලේකම් තහවුරු කළේය.

රාජ්‍ය ඇමැතිවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි දැනගත් වහා අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාද ඊයේ (18) සිට ස්වේච්ඡාවෙන් ස්වයං නිරෝධායනය වීමට තීරණය කර ඇත. පසුගිය සෙනසුරාදා කළුතර ටැංජරින් හෝටලයේ පැවැති උත්සවයකට රාජ්‍ය ඇමැතිවරයා සමග අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්ද සහභාගි වීම නිසාය.

පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා එදින කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමටද සහභාගි වී ඇති අතර නාමල් රාජපක්ෂ, විදුර වික්‍රමනායක, සිසිර ජයකොඩි යන රාජ්‍ය ඇමැතිවරුන්ද, සංජීව එදිරිමාන්න, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් පාලන නියෝජිතයන්, කළුතර දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 150ක් පමණ ද එම රැස්වීමට සහභාගී වී ඇති බව සඳහන් වෙයි.

මෙම රැස්වීමට සහභාගි වී සිටි සැලසුම් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙක් සහ සංවර්ධන නිලධාරියෙක් කොවිඩ් වැලඳී සිට ඇතැයිද අනාවරණය වී තිබුණි. සංවර්ධන කමිටු රැස්වීම අවසානයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකු සමග පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා එකට දිවා ආහාරයද ලබා ගෙන ඇති අතර පසුව කළුතර මුහුදේ දිය නා ඇතැයිද සෞඛ්‍ය අංශවලට අනාවරණය වී ඇත.

මේ වන විට රාජ්‍ය ඇමැතිවරයා, බිරිය සහ දියණිය කොග්ගල ප්‍රදේශයේ යුද හමුදාව මගින් පාලනය කරන ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර ඇත. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මා හට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව මෙයින් දන්වා සිටිමි.

ඉදිරි සති කිහිපය තුල සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීමට සිදුවනු ඇති අතර පසුගිය සමයේ මා සමීපව ඇසුරු කළ සියළු දෙනා සෞඛ්‍ය අංශ වෙත සහය දක්වමින් කටයුතු කරන ලෙස මා ඉල්ලා සිටින බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.