දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කෙරේ

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ දී මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ බව සඳහන් කළේය.

2015 ජනවාරි මස 08 වන දින සිට 2019 නොවැම්බර් මස 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ නිලතල දැරූ දේශපාලනඥයින්, රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථා සේවකයින්, සන්නද්ධ හමුදාවන්ගේ සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම පරීක්ෂණ කොමිසන් සභාව පත්කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.