චීනයේ සිනොවැක් සමාගම මගින් නිෂ්පාදනය කරන කොරෝනාවැක් කොරෝනා වැක්සීනය පිලිබද තැබූ බලාපොරොත්තු අතහැර ගැනීමට සිදුව ඇතැයි බ්‍රසීල සෙෘඛ්‍ය විශේෂඥයන් පවසා ඇත.
මෙය අඩු වියදමිකින්, කඩිනමින් නිෂ්පාදනය කළ හැකි එන්නතක් ලෙසට බලාපොරොත්තු තබා තිබුණත් මේ තත්වය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වූ බලාපොරොත්තු බිදවැටී ඇති බව බ්‍රසීල විශේෂඥයන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
අදාළ වැක්සීනය බ්‍රසීලය තුළ අත්හදා බලමින් සිටි සාඕපාලෝහි බුටන්ටන් පර්යේෂණ ආයතනයේ විශේෂඥයන් සදහන් කර ඇත්තේ එන්නතේ සාර්ථකභාවය සියයට පනහක් පමණවීම ඊට හේතුව බවයි.
එම විශේෂඥයන් උපුටා දක්වමින් නිවියෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ එම එන්නතේ ඵලදායීත්වය සියයට 78ක් ල්‍රෙස පසුගිය සතියේ චීනය විසින් ප්‍රකාශයට පත් කර තිබුණද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇති මිණුම් දණ්ඩට වඩා මඳක් ඉහළින් පමණක් එම එන්නත ඇති බව බ්‍රසීලය පවසන බවය.
දැනටමත් රටවල් 10 ක් විසින් මෙම එන්නත් මිලියන 380 ක් පමණ ඉල්ලුම් කර ඇති අතර නව තත්වය හේතුවෙන් එම රටවල් සහ නිෂ්පාදකයන්ද අර්බුදයකට මුහුණ දී ඇති බව නිවියෝර්ක් ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.