අඛණ්ඩව දින 14 කට වැඩි කාලයක් හුදෙකලා කර ඇති ප්රදේශවල පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත් ගෙවීමට මාස 6 ක සහන කාලයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ගෘහස්ත, වාණිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයින්ට එම කාල සීමාවට අදාළ විදුලි බිල්පත් නිරවුල් කිරීම සඳහා බිල්පත් දිනයේ සිට මාස 6ක සහන කාලයක් ලැබෙන අතර එතෙක් විදුලි සැපයුම විසන්ධි නොකෙරේ.
මීට අමතරව සිනමා ශාලාවල සහ සංචාරක නවාතැන්පොළවල්ව විදුලි බිල් ගෙවීමේදී ද සහන කාලයක් ලබා දී තිබේ.