පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්රී ලංකාවට

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව නිල ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය වසරේ වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවට ගිය පළමු රාජ්‍ය නායකයා ඔහු වනු ඇත.

“මෙම සංචාරය පෙබරවාරි මස අග විය හැකිය” යැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ආරංචි මාර්ග සඳුදා හින්දු පුවත්පතට පවසා ඇත.

පාකිස්තානය හා ඉන්දියාව සමඟ සමීප සබඳතා ඇති ශ්‍රී ලංකාව ඉන්දු-පාක් ගැන අදහස් දක්වන්නේ කලාතුරකිනි. 2019 පෙබරවාරියේ පුල්වාමා ප‍්‍රහාරයෙන් පසුව, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ, “පුල්වාමා හි මධ්‍යම සංචිත පොලිස් බලකායට එල්ල වූ ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන්” පසුව සිදු වූ වර්ධනයන් පිළිබඳව “දැඩි කනස්සල්ලට පත්ව සිටින” බවයි. සමස්ත කලාපයේම ආරක්ෂාව, සාමය සහ ස්ථාවරත්වය සහතික කර බව ඔවුන් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.